නීතියගම පරම්පරාවේ පළමු පරම්පරාව වශයෙන් ලංකාවාසී සත්ත්වයාට වෙදැදුරෙකුත් ගුරුවරයෙකුත් වෙමින් තෙල් බෙහෙත් ශාස්ත්‍රය ගුරුකම් ශාස්ත්‍රය පුස්කොළ පොත් හා තලපත් මගින් සියලු ශාස්ත්‍රයන් ලියා අනාගත පරම්පරාවන් වෙත දායාද කළ මුල් උරුමක්කාරයා වේ.
- අප්පුරාල වෙදරාලලාගේ ඖෂධහාමි
නීතියගම පරම්පරාවේ දෙවන පරම්පරාව ලෙස හැදින්වෙන්නේ අප්පුරාල වෙදරාලලාගේ ඖෂධහාමි වෙදැදුරුය. ඔහු ද පුරාණයේ සම්මතය අනුව යමින් තම පියාණන්ගෙන් ලැබූ ආභාෂය මගින් ලංකාවාසී සත්ත්වයාට වෙදකම යන්ත්‍ර මන්ත්‍ර සෙත් ශාන්තිකර්ම මගින් ඉමහත් සේවාවක් කරනු ලැබූවෙකි. ඔහුගේ ඒ පරිණත වූ දැනුමත් අත්දැකීම් සම්භාරයත් පුස්කොළ පොත් හා තලපත් මගින් ලියා අනාගත පරම්පරාවට දායාද කර ඇත්තේය.
- අප්පුරාල වෙදරාලලාගේ කදිරාතේ
නීතියගම පරම්පරාවේ තෙවන පරම්පරාව ලෙස පරම්පරාවටත් ලක්වාසී සත්ත්වයාටත් මහත් සේවාවක් කළ මහා යුග පුරුෂයෙකු ලෙසින් ද හැදින්විය හැක. අතීත පරම්පරාවේ ගෞරවය රකිමින් ඒ අනුව යමින් වෙදකම යන්ත්‍ර මන්ත්‍ර සෙත් ශාන්තිකර්ම කරමින් මුලු මහත් සමාජයටම යහපත් පුරවැසියෙකු ලෙසත්වෙදැදුරෙකු ලෙසත් ගුරුවරයෙකු ලෙසත් මුතුන් මිත්තන්ගේ ශිල්ප නව පරම්පරාවට එලෙසින්ම තලපත් පුස්කොළ පොත් සහ පොත්පත්වල ලියා දායාද කරමින් ඉමහත් සේවාවක් සැපයූ අයෙකි.
වර්තමානයේ ජීවත්වෙමින් පරම්පරාවේ ගෞරවයත් අභිමානයත් රකිමින් මුල් පරම්පරාවේ වෙදකම් ගුරුකම් සෙත් ශාන්තිකර්ම කරන නීතියගම පරම්පරාවේ සිව්වන පරම්පරාව නම් ඖෂධහාමිගේ සිරිසේන වෙදැදුරුතුමන්ය. 21 වන සියවසේ පාරම්පරික වෙද ශාස්ත්‍රයට පණ පොවමින් නව ජවයක් එක් කරමින් පුරාණයේ සම්මතයට අනුව වෙද හෙදකම් තෙල් බෙහෙත් ශාන්තිකර්ම යන සියලු දෑ අනාගත පරම්පරාවට දායාද කරමින් ගුරුවරයෙකු ලෙසත් ලෙසත්වෙදැදුරෙකු ලෙසත් ඉමහත් සේවයක් කරයි.
- තිලකරත්න මුදියන්සේලාගේ නිහාල් ප්‍රේමතිලක
ඈත අතීතයේ සිට පැවත එන නීතියගම පරම්පරාවේ පස්වන පරම්පරාවේ උරුමකරු ලෙස තිලකරත්න මුදියන්සේලාගේ නිහාල් ප්‍රේමතිලක වෙදදුරුතුමන් පාරම්පරික ශාස්ත්‍රීය ක්රමයන් සහ පාරම්පරික සර්වාංග වෙදකම දැනට වසර 13 කාලයක සිට මනා ලෙස පරම්පරා පොත පත තලපත් පුස්කොළ පොත් ආදියෙන් ද මැනවින් හදාරා ඇත. තෙවන පරම්පරාවේ අප්පුරාල වෙදරාලලාගේ කදිරාතේ වෙදැදුරුතුමාගේ මුණුබුරන් වන අතර සිව්වන පරම්පරාවේ ඖෂධහාමිගේ සිරිසේන වෙදැදුරුතුමාගේ බෑනණුවන් බහ තෝරන කාලයේ සිට වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සෙත් ශාන්තිකර්ම යන මේවා දැක අත්දැකීම් සහ පළපුරුද්ද ලබා පුරාණයේ තල්පත් පුස්කොළ පොත් පත් පරිශීලනය කර මෙම ශාස්ත්‍රය කරගෙන එනු ලබයි.
මෙම වෙදකම සත්ත පිහිටුවා පුරාණයේ සම්මතය අනුව ඉදිරියට කරගෙන යනු පිණිස තෙවන සහ සිව්වන පරම්පරාවල වෙදැදුරුතුමන්ලාගේ ආශීර්වාදයෙන් වර්තමාන වෙදැදුරු වන තිලකරත්න මුදියන්සේලාගේ නිහාල් ප්‍රේමතිලක වෙදැදුරුතුමන්ට පවරා දී ඇති බැවින් අනාගත ලෝක සත්ත්වයාට පිහිටක් සෙතක් ශාන්තියක් උදාකර දීමට ඇප කැප වී සිටී.
නීරෝගී පුද්ගලයන්ගේ නීරෝගී බව ආරක්ෂා කිරීමත් රෝගී පුද්ගලයාගේ රෝග සමනය කර කිරීමත් ය.